ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වයස අවුරුදු 51 අයෙක් බවයි.
යතුරුපැදියෙන් පැමිණ වෙඩි තබා ඇති සැකකරුවන් පලාගොස් තිබෙනවා.
එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර 9ක ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.


