මානසික රෝගයකින් පෙලෙන තම දරුවාට බෙහෙත් බීමට බලකළ පියෙකු රෝගී දරුවා විසින් පොරොවකින් කොටා ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, පිටිගල, කලුආරච්චිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මෙම ඝාතනයට අදාළව මරණකරුගේ 47 හැවිරිදි පුතු පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරණකරුගේ පුතු අංගොඩ මානසික රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා මානසික රෝගයෙන් සුවපත් වූ බවට වෛද්‍යවරුන් තීරණය කර ඇති අතර. මීට මාස එකහමාරකට පෙර එම පුද්ගලයාව අධිකරණ අවසරය මත මාපියන්ට බාර දී තිබෙන්නේ, ඔහුට දෛනිකව ඖෂධ වට්ටෝරු ද ලබාදෙන ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරමින්.
පෙරේදා (24) රාත්‍රියේ පියා පුතුට අවශ්‍ය ඖෂධ ලබාදීමට උත්සහා දරා ඇති අතර එය ලබාගැනීම පුතු විසින් ප්‍රතික්ෂේප කරමින් නිවසේ සැඟවී සිට තිබෙනවා.
අනතුරුව පියා ආලින්දයේ පුටුවක වාඩි වී සිටිය දී, පුතු විසින් පොරොවකින් හිසට පහර දී ඝාතනය කර තිබෙන අතර පිටිගල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා මානසික රෝගයෙන් තවමත් පෙළෙන අයෙකු බවයි.

