ඉදිරි මාස තුන ඇතුළත ශරීර උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය වැඩිවන හෙයින් දරුවන් මෝටර් රථවල තනිකර දොරගුළු වසා පිටව නොයන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ දිනවල දැඩි උෂ්ණත්වය මෝටර් රථ වලටත් බලපාන හෙයින් ඒ තුළ දරුවන් රඳවා යෑමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට වැඩිපුර ජලය භාවිතා කිරීම වැදගත් බවත් ස්වභාවික දියර භාවිතයට ගත යුතු බවද වෛද්‍යවරයා සදහන් කරයි.
කුඩා දරුවන්ට දිනපතා ජලයේ සිටීමට ඉඩහැරීමද සුදුසු බවත් ශරීරයට උෂ්ණත්වය වැඩිපුර දැනෙන විට සමේ රෝගද වැඩිවීමට ඉඩ ඇති බවත් ජලය පාවිච්චි කිරීම අඩු වීමෙන් මොළයේ ආබාධ ඇතිවිය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.

