දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්ද හතරක් හා විපක්ෂව ඡන්ද දෙකක් ලැබුණු බවත් තවත් දෙදෙනකු ඡන්ද වීමසීම සඳහා සහභාගී නොවූ බවත් විපක්ෂනායාකවරයා සඳහන් කරනවා.
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.
විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ කතානායකයවරයාට ඡන්දය ලබාදීමට අවස්ථාව හිමිවන්නේ ඡන්ද ප්‍රමාණය සමාන වුවහොත් පමණක් බවයි.
ඒ අනුව මෙම පත්කිරීම හරහා දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ඔහු සිය X පණිවුඩයෙන් පෙන්වාදෙයි.


