ශරීරය වර්ධනය කර ගැනීමට කාලයක සිට කාසි සහ චුම්බක ආහාරයට ගත් තරුණයෙකුගේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඔහු මෙලෙස කාසි හා චුම්බක ආහාරයට ගෙන ඇත්තේ සින්ක් ලබාගත හැකි වේ යැයි සිතාය.
දින ගණනාවක සිට වමනය සහ උදර වේදනාවෙන් පෙලෙමින් සිටි ඔහුට දිල්ලිහි පිහිටි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
එහිදී සිදු කළ X-රේ පරීක්ෂණයෙන් නිරීක්ෂණය වී ඇත්තේ කිසියම් ද්‍රව්‍යයක් ඔහුගේ උදරයේ සිර වී ඇති බවය.
ඒ අනුව ඔහුගේ උදරයේ සිදු කළ CT ස්කෑන් පරීක්ෂණයකින් පෙන්නුම් කර තිබුණේ විශාල කාසි සහ චුම්භක තොගයකින් බඩවැල් අවහිර වී ඇති බැවින් මොහුට වමනය සහ ආහාර ලබා ගැනීමේ අපහසුතාවක් ඇති වී තිබූ බවය.
ඉන් අනතුරුව මෙම රෝගියාට සිදු කළ සැත්කමකින් කාසි 39ක් සහ චුම්භක 37ක් පිටටත්ට ගෙන තිබුණි.

