Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

3 years ago

හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 90ක් සමග පාසල් ගුරුවරයෙකුව හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (27) දහවල් හලාවත – පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව – කොට්ඨස අංක 03 පදිංචිකරුවෙකුවය.

සැකකරු පුත්තලම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දෙමළ මාධ්‍ය පාසලක ගුරුවරයෙකු බවද විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. (source – aruna)