හෙට(28) දිනයේ පවතින උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ශරීරයට දැනෙන මට්ටමක පවතින බවත් ඒ පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.
ඒ අනුව පවතින උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ලා පැහැ ඇඳුම් භාවිතා කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

