ආහාර මත පනවා ඇති බදු ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ජනාධිපතිවරයා රටට ආදායමක් එන ආයෝජන සිදු කිරීම සඳහා මේ වන විට රුපියල් බිලියන 300 ක් වෙන් කර තිබෙන බව සඳහන් කළ බවද අමරවීර මහතා කීය.
ආහාර මත පනවා තිබෙන බදු අඩු කිරීමට අමතරව විදුලි බිල අඩු කිරීම,ඉන්ධන මිල අඩු කිරීම වැනි සහනද ලබන මාසයේදී ජනතාවට ලබාදෙන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත.

