Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්වය සමත් වී අලුතින් පාසලට පැමිණි 6 වසරේ සිසුවාට 10 වසරේ සිසුන් රොත්තක් එකතු වී හොඳටම තඩි බාලා

3 years ago

යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහර දි ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය නෙල්ලි අඩි පොලීසියට හා කළාප අධ්‍යාපන කාර්යාලයට 27දා පැමිණිලි ලැබී තිබේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසු එම සිසුවා මධ්‍ය විද්‍යාලයට ඇතුළත්වී ඇත්තේ වඩමරච්චි ප්‍රදේශයේ ගම්බද පාසලකිනි.

ඔහු පාසලට ඇතුළත් කළ මුල්ම දිනයේදී මෙම පහරකෑමට ලක්ව ඇතත් ඔහු ඒ පිළිබඳ මවුපියන්ට හෝ ගුරුවරුන්ට ප්‍රකාශ කොට නැත.

පහරකෑමට ලක්වූ සිසුවා නිවෙසට පැමිණ සිටියදී ඊට පසු දින ඔහුගේ කම්මුල් හා පිට ඉදිමෙන්නට පටන්ගැනීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ඔහුව යාපනය ශික්ෂණ රෝහලට මාරුකිරීමෙන් පසුව සිසුවා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඔහු තදබල පහරකෑමකට ලක්ව සිටින බවට නිගමනය වී තිබේ.