Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් සිසුන්ට කොසු මිටෙන් පහර දීලා! සිසුන් තිදෙනෙක් රෝහලේ!

3 years ago

පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් හත් දෙනෙකුට එහි ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහර දීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරන පරිදි අදාළ රෝහල් ප්‍රකාශක සඳහන් කර ඇත්තේ රෝහල් ගතව සිටිනා සිසුන්ගෙන් එක් අයෙකුට පමණක් තදබල ලෙස පහර වැදී ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්වය යහපත් අතට පත්වෙමින් තිබෙන බවයි.

මේ අතර, මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව පාදුක්ක පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ පාසල් ඉගෙනුම් කාලය තුළදී අදාළ සිසුන් තිදෙනා ඇතුලු සිසුන් හත් දෙනෙකු පාසලේ ආපන ශාලාවට යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් එම සිසුන්ගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි.