Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

3 years ago

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ, 2023-5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට නිකුත් කර ඇති අතර එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.

එබැවින්, පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය දැනටමත් ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන නිසි පරිදි සම්පූර්ණ කර 2024.03.07 දිනට ප්‍රථම විදුහල්පති වෙතම නැවත භාර දීමට කටයුතු කරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.