Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයේ සිටි මවගේ ඇකයෙන් මසක් වයසැති බිළිඳා බිමට වැටිලා! දරුවා වැටුණු බව නොදැන පිරිස දිගටම ගමන ගිහිල්ලා!

3 years ago

චාරිකාවක් අතරතුර ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි මවකගේ ඇකයෙන් ගිලිහී ගොස් මහ මඟට වැටුණු මසක් වයසැති බිළිඳා තවදුරටත් රිත්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් බිළිඳාගේ මවට නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මීගමුව ප්‍රදේශයේ පදිංචි පවුල් 2ක සාමාජිකයින් ත්‍රිරෝද රථ දෙකකින් කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක් ගොස් ආපසු එමින් සිටියේ පෙරේදා (28) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

එක් ත්‍රිරෝද රථයක මව පියා සහ ඔවුන්ගේ අවුරුදු 6 සහ 3 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා සහ මසක් වයසැති බිළිඳාද ගමන් කර තිබෙනවා.

ඒ අතරතුර මවගේ ඇකයේ සිටි මසක් වයසැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබුණා.

නමුත් ඒ බව නින්ද ගොස් සිටි දරුවාගේ මව දැන සිට නොමැත.

කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක රියැදුරු අදාළ දරුවා දැක ඒ බව කිතුල්ගල පොලිසියට දැනුම්දී තිබෙනවා.

තම ඇකයේ බිළිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ ටික දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, ඔවුන් මාර්ගය දෙපස දරුවා සොයමින් ආපසු පැමිණෙන අවස්ථාවේදී වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දරුවෙකු මහ මග වැටී සිටි බවත් වෑන් රථ රියදුරකු විසින් දරුවා පොලිසියට භාරදුන් බවත් ප්‍රකාශ කර තිබුණා.

මව්පියන් පොලිසියට යන විටත් පොලිස් නිලධාරින් විසින් දරුවා කිතුල්ගල ප්‍රාදේශීය රෝහලට භාරදී තිබුණේ සිරුරේ තිබූ සීරීම් තුවාල හේතුවෙන්.

අනතුරුව එම දරුවා කරවනැල්ල රෝහලට මාරුකර යැවීමට කටයුතු කෙරුණා.

ඉන් අනතුරුවයි එම බිළිඳා කොළඹ රිත්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළේ කෙසේ වෙතත් එහි හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බිළිදාගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ.