Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාන්තක්කුඩියේදී පුද්ගලයන් 30 දෙනෙක් හදිසියේ අත්අඩංගුවට! සහරාන්ගේ මස්සිනාත් ඒ අතර!

3 years ago

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කලපලාචේන ප්‍රදේශයේදී නීති විරෝධි රැස්වීමක් පවත්වමින් සිටි බව කියන සහරාන්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාද එහිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු සමඟ රැදී සිටි පුද්ගලයින්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පිරිස එම ස්ථානයේ කාඩ් සෙල්ලම් කරමින් සිටි බව පැවසුවේ යැයි පොලීසිය තවදුරටත් සඳහන් කළා.

පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. (source – news19)