ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා.
පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් සොරකම් කළ ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද (01) දින දඬුවම් නියම කර තිබුණා.
ඒ අනුව එම පුද්ගලයාට මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබෙනවා.
මේ අතර, එදිනම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ තිබූ ලෝහමය හක් ගෙඩියක් සොරාගැනීමේ වරදට අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකුට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවනු ලැබුවා.
ඔහුට රු 1,500ක දඩයක්ද නියම කර ඇති අතර, එය නොගවෙන්නේ නම් මාසයක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

