සබරගමුව පළාතේ පාසල්වල අනිද්දා පැවැත්වීමට නියමිත 2023 අවසන් වාර විභාගයේ 10 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාව දෙවන කොටස බව පැවසෙන ප්‍රශ්න පත්‍රයක් මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර පවසා සිටියේ පිටවී ඇති ප්‍රශ්න පත්‍රය නිවැරදි එකක්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඉදිරි පියවර ගන්නා බවයි.
බස්නාහිර පළාතේ පාසල්වල තුන්වන වාරයට අදාළව 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට ලබාදුන් විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවීමේ සිද්ධියක්ද ඊයේ (01) වාර්තා වුණා.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීරට උපදෙස් ලබා දුන් බවයි.


