රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල විද්‍යුත් තැපැල් ලිපිනයන් (EMail) රජයේ නිල අන්තර්ජාල පද්ධතිය හරහා (Gov.lk) හරහා ලබා නොගැනීම නිසා තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලු උද්ගතව තිබෙන බැවින් එම පද්ධතිය හරහා විද්‍යුත් තැපෑල ලබා ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන 840කට චක්‍රලේඛයක් නිකුත් කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පැවැසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.


