ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ලබා දී රජයට කෝටි ගණනක අලාභයක් සිදු කිරීම සම්බන්ධ නඩුකරයට අදාළ සැකකරුවෙක් ලෙසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සුව දුක් විමසීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොස් ඇති බව වාර්තා වෙනවා.
හිටපු ඇමැතිවරයා බන්ධනාගාරගත කළ දා පටන් රෝගී තත්වය මත බව සඳහන් කරමින් රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේයි.
හිටපු ජනපතිවරයා තම මිත්‍රයා සමඟ එහිදී පැය භාගයක පමණ කාලයක් ගත කර ඇති බව ආරංචිමාර්ග කියා සිටියා. (source – lankacnews)

