08 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (03) පැවති වැඩසටහනකට එක්වෙමිනි.
එළැඹෙන මාර්තු 19 වනදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදා ගනිමින් ආරම්භ කරන බවත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවත් අමාත්‍යරයා එහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම එළැඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා පැවසීය.

