අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට අධ්‍යපානය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම එම ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට තීරණය කර ඇත.
කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශ්‍රේණිවලදී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
මෙවර උසස් පෙළට පෙනී සිටි 337,000ක සිසුන් අතරින් සිසුන් 50,000කට ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය හා මාර්ගෝපදේශනය පිළිබඳ පුහුණුවක් ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම පුහුණු වැඩසටහන අනිද්දා (05දා) සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 300ක පැවැත්වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව අනාවරණය කර සිටියා.

