Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’ ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

3 years ago

සිරිසේන සපුතන්ත්‍රි නමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇති ‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’ නාමයෙන් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි දන්වමින්.

පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්, මල්වතු පාර්ශවයේ මහා නායක හිමි, වරකාගොඩ ශ්‍රී ඥාානරතන හිමි, අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක හිමි, මකුලාවේ ශ්‍රී විමලාභීන රාමඤ්ඤ මහ නිකායේ මහානායක මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකොට ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයා ථේරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලි සිටින බවද එම ලිපියෙහි දක්වා තිබෙනවා.

‘මීවනපලානේ සිරිධම්මාලංකාර’ නාමයෙන් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.