මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ (03දා) පෙරවරුවේ කඩුගන්නාව පහළ බෑවුම ප්‍රදේශයේදී අනතුරකට ලක් වූවා.
කෙසේ වෙතත් රියදුරාගේ දක්ෂතාව හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් මෙහිදී වැළැක් වී තිබෙනවා.
බස් රථයේ තිරිංග අක්‍රීයවීමෙන් රථය ප්‍රධාන මාර්ගයේ වේගයෙන් පහළට ඇඳීගොස් ඇති අතර, අවසානයේ කිසිවක් කරගත නොහැකිව රියදුරා ආරක්ෂාකාරීව බස් රථය දකුණු පස කන්දේ ගැටීමට සලස්වා ඇත.
තමන්ට මුහුණදීමට සිදු වූ අත්දැකීම විස්තර කළ රියදුරා,
“මං නුවරින් 5.10ට පිටත් වුණේ. ඊට පස්සේ දිගටම ආවා. කඩුගන්නාවේ හෝල්ට් එකේ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නවත් අරගෙන පල්ලම බැස්සා.
වැලමිට වංගුවත් ගත්තා. ඒත් ඊළඟ වංගුව ගන්නකොට බ්‍රේක් නැතුව ගියා. ඊට පස්සේ දකුණට ගන්නවා, වමට ගන්නවා. වමට ඇල්ලුවොත් පල්ලම. වාහන දිගටම එනවා.
කොහොමහරි වාහන නැතිවෙලාවක් බලලා දකුණට අල්ලගෙන ගියා. ඒ ස්ප්‍රීඩ් එකට අල්ලන්නත් අමාරුයි. කොහොම හරි දකුණට දාලා කන්දට ඇල්ලුවා”

