Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතර පාසලක බාලිකා නේවාසිකාගාරයේ ගින්නක්! සිසුවියන් 150කුත් රැඳී ඉඳලා!

3 years ago

මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි හෆ්සා කාන්තා අරාබි විද්‍යාලයේ නේවාසිකාගාරයේ ඊයේ පස්වරු 5.30ට පමණ ගින්නක් හට ගෙන තිබුණා.

එම අවස්ථාවේ දී එහි සිසුවියන් 150කට ආසන්න පිරිසක් සිට තිබෙනවා.

ඔවුන්ව කඩිනමින් ඉන් ඉවත් කර ගැනීමට පාසල් බලධාරීන් හා ප්‍රදේශවාසීන් කටුයුතු කර තිබෙනවා.

ගින්නෙන් නේවාසිකාරයේ තුන් වැනි සහ සිව්වැනි මහල් දෙකම සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එහි තිබූ ඇඳන් සියල්ල ද ගිනිගෙන විනාශ වී තිබුණේ මේ ආකාරයෙන්.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ.