Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් ආරක්ෂාව යටතේ සේවයට පැමිණි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

3 years ago

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (05) පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ තම රාජකාරියට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

පොලිස් ආරක්ෂාව සහිතව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, සිය නිල කාමරය තුළ රාජකාරි කටයුතු ආරම්භ කිරීමත් සමඟ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත්වෙමින් ඔහුට විරෝධය පළ කර ඇති බව සඳහන්.

මේ අතර, නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එය වළක්වාගැනීම සඳහා ජාතික රෝහල අසළට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදීද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් විරෝධය එල්ල වුණා.