පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතාට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රියල් මස 02 දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කර තිබෙනවා.
දේශීය ආදායම් කොමසාරිස්වරයා 2022 වසරේදී ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් පසුව අධිකරණයේ පෙනී නොසිටි මනුෂ නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සිව් දෙනාට මෙසේ නැවත නොතීසි නිකුත් කර තිබෙන බවට වාර්තා වනවා.
හයිඩ් අන්කොමන් සමාගමේ අධ්යක්ෂවරුන්ව සිට රුපියල් 8321819.00 බදු ගෙවීම පැහැර හැර ඇතැයි සඳහන් කරමින් වැට් බදු අයකරගැනීමේ පනත ප්‍රකාරව මෙම නඩුව පවරා තිබෙනවා.
2010 පෙබරවාරි,2011 ජූලි මස සහ සැප්තැම්බර් මසඅතර කාලයට සහ 2012 අප්‍රේල් හා ජුනි මස අතර කාලයට බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 2002අංක 14 දරණ එකතු කල අගය මතු බදු පනත යටතේ මෙම නඩු පවරා තිබෙන බව සඳහන්.

