පොතුහැර, බුළුගොල්ල හංදිය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අදාළ ප්රදේශයේ දී කුරූණෑගල දෙස සිට කොළඹ දක්වා ධාවනය වු එළවළු ප්රවාහන ලොරියක් සහ ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය.
අනතුරින් ත්රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි තිදෙනෙකු මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොතුහැර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

