2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් වීම හේතුවෙන් එවකට පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්ට හා පොලිස් කොස්තාපල්වරයෙක්ට මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
පොලිස් ඇඟිලි සලකුණු අංශයට අනුයුක්ත නිළධාරියෙකුගේ නිවසේ සේවය කර තිබුණු මරණයට පත් සැකකරු, එම නිවසේ තිබුණු ජංගම දුරකථනයක් සොරාගත් බවට චෝදනා කරමින් පොලිස් භාරයට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගනිමින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබුණි.

