Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන්ට වැදගත් දැනුම්දීමක්

3 years ago

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කරන ලදදේ ඊයේ (05) දින පෙරවරුවේ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්ය.

2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු සිදු කර ඇති අතර, මෙම වර්ෂයේ දී තේමාව වශයෙන් “ග්ලෝකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” යන්න ගෙන ඇත.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, “ග්ලුකෝමාව කලින් හදුනා ගතහොත් අන්ධභාවයට පත් වීම වලක්වා ගත හැකි බවත්, ගෝලිය හා මෙරට වශයෙන් ගත්විට අන්ධභාවයට පත්වීමට තුඩු දෙන එක් ප්‍රධාන හේතුවක් ලෙස ග්ලෝකෝමා රෝගය හදුන්වා දිය හැකි බවද, පැවසීය.

ග්ලෝකෝමා ලෝක දත්ත විශ්ලේෂණය කර බලන විට ගෝලීය තත්වය 3.54% ක් වන බවත් ලංකාවේ එම තත්වය 5% කට ආසන්න තත්වයක තිබෙන බව දත්ත මගින් පෙන්වා දී තිබෙන බවද, පැවසු සෞඛ්‍ය ලේකම්වරයා මෙරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත්, මෙයට එක් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකි බවද කීය.

මේ නිසාවෙන් අක්ෂි පරීක්ෂාව ඉතාම වැදගත් වන බවත්, මාධ්‍ය මගින් මෙම පණිවිඩය ජනතාව වෙත ගෙන යාම ඉතාම වැදගත් වන බවත් මෙරට අක්ෂි ආබාධ කල් ඇතිව හදුනා ගෙන වලක්වා ගත හැකි ආබාධ, වලක්වා ගැනීම සදහා වැඩසටහන් සම්පාදනය කර තිබෙන බව පෙන්වා දුන් ලේකම්වරයා VISION 2020 වැඩසටහන මගින් ද, විශාල කාර්යභාර්යක් සිදු කල බවද VISION 2030 වැඩසටහන හරහා ද, මෙරට ජනතාවගේ අක්ෂි ආබාධ වලක්වාලීම සදහා සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් පැවසීය.