Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියක් ක්ලාන්තය සෑදී ඇඳ වැටී මිය යයි! එකම අයියාත් අවාසනාවන්ත ලෙස මිය ගිහින්!

3 years ago

කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක් ක්ලාන්තය හැඳී බිම ඇඳ වැටීමෙන් මිය ගිය පුවතක් කලවාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ 8 වසරේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවියකි.

අද (06දා) පැවැති පාසලේ උදෑසන රැස්වීමේදී මෙම ශිෂ්‍යාවට ක්ලාන්තය හැදී බිඳ ඇඳ වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇයව කලවාන මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙනවා.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා මැය වන අතර, ඇගේ එකම වැඩිමහල් සහෝදරයාද මීට ඉහතදී වලිප්පුව රෝගය වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් දරුවන් දෙදෙනාගේම වියෝව දරාගත නොහැකි වූ මියගිය දරුවන්ගේ මව කලවාන මූලික රෝහල වෙත පැමිණි අවස්ථාවේදී දැඩිව සංවේදී වී තිබෙනවා.(source – monara)