කුරුණෑගල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයකුගේ ශල්‍යකර්මයක් සඳහා සභා අනුමැතිය යටතේ රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවා තිබීම සභා ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එම මුදල ගෙවීමට අනුමැතිය ලබා දුන් සියලුම මන්ත්‍රිවරුන්ගෙන් අය කරගත යුතු බව විගණන වාර්තාවකින් දැනුම් දී ඇත.
හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මන්ත්‍රිවරයාගේ ප්‍රතිකාර සඳහා එම මුදල ලබාදීම සඳහා සභා අනුමැතිය ලබාගෙන ඇත.
මෙම තීරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ හිටපු මන්ත්‍රිවරුන් අතරින් දෙදෙනකු හැර මන්ත්‍රිවරුන් 20 දෙනකු අනුමැතිය ලබාදී ඇති බැවින් ඔවුන් සියලුම දෙනා එකතුව එම ලක්ෂ 10ක මුදල ආපසු ගෙවා දැමිය යුතු බව විගණන වාර්තාව මගින් දන්වා ඇත. ඒ අනුව හිටපු එක් මන්ත්‍රිවරයකු රුපියල් පනස්දහසක මුදලක් නගර සභාවට ගෙවිය යුතු වේ.
නගර සභා ව්‍යවස්ථාවට අනුව එවැනි අවශ්‍යතාවක් සඳහා නාගරික මන්ත්‍රිවරයකු සඳහා සභා අනුමැතිය යටතේ ලබා දිය හැකි වන්නේ උපරිමව රුපියල් විසි දහසකට අඩු මුදලක් වුවද එම රීතිය උල්ලංඝනය කරමින් රුපියල් ලක්ෂ දහයක් වැනි විශාල මුදලක් ලබා දීම සඳහා ගෙනා යෝජනාවට සදාචාරාත්මක ලෙස විරුද්ධ විය නොහැකිවූ බැවින් තමන්ද ඊට පක්ෂව අත එසවූ බවද හිටපු නගරාධිපතිවරයකු වන ගාමිණී පෙරමුණගේ ප්‍රකාශ කළේය.
මේ අනුව තමන්ට නියමිත රුපියල් පනස්දහසක මුදල නගර සභාවට ගෙවා දැමූ බව ඔහු සඳහන් කළේය.(source – aruna)

