Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි පාරිභෝගිකයන්ට ඇමතිගෙන් සුබ ආරංචියක්

3 years ago

විදුලිය විසන්ධි කර යළි සම්බන්ධතාව ලබාදීමේදී අය කරන ගාස්තුව රුපියල් 800 දක්වා පහළ දැමීමට කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බවයි.

එමෙන්ම ඉතාමත් සුළු විදුලි බිල් තියෙන නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව එය ගෙවා දැමීම සඳහා ඔවුන්ට යම් කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී, ඒ සඳහා වැයවන මුළු මුදලින් 25%ක් ගෙවා ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම ඉදිරියේදී ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට විදුලි බිල ගෙවීම වඩාත් පහසු කර ගැනීම සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන ඔහු පවසනවා.