හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ සිටි ලාංකිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධිය ගැන සොයාබැලීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව ප්‍රහාරයට ලක්වූ නෞකාවේ ශ්‍රී ලාංකික ආරක්ෂකයින් දෙදෙනකු, නේපාල ආරක්ෂකයෙක් සහ කාර්ය මණ්ඩලයේ විසි දෙදෙන් පමණ හිඳ තිබෙනවා.
එම කාර්ය මණ්ඩලය අතර පිලිපීන ජාතිකයින් 15 දෙනෙක් වියට්නාම ජාතිකයින් සිව් දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයෙක්ද ඇතුලත්.
විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරන්නේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්වය බරපතළ බවයි.
මෙම ප්‍රහාරයෙන් පිලිපීන ජාතිකයින් දෙදෙනෙක් හා වියට්නාම ජාතිකයෙක් තුවාල ලබා තිබේ.

