Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැනඩාවම සලිත කළ ඝාතනයක්! ශ්‍රී ලාංකික පවුලක 6ක් ඝාතනය කරයි! සැකපිට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් අත්අඩංගුවට!

3 years ago

කැනඩාවේ ඔටාවාහි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු රාශියක් හෙළිවී තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ මෑතකදී පදිංචියට ගිය පවුලක් බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම අපරාධයට සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තාකර සිටියේ මෙම අපරාධය වෙඩිතැබීමක් බවයි.

නමුදු නවතම අනාවරණය වී ඇත්තේ දරුණු ආයුධයකින් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

35 හැවිරිදි දර්ශනී නම් මවත්, හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි දියණිය අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි දියණිය රින්යානා වික්‍රමසිංහ සහ මාස දෙකක දියණිය කෙලී වික්‍රමසිංහ මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර පොලීසිය පැවසුවේ, දරුවන්ගේ පියා තුවාල ලබා මේ වන විට රෝහල්ගතව සිටින බවයි.

එමෙන් ම 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති තවත් පුද්ගලයෙක් ද ඝාතනයට ලක්ව තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා ශිෂ්‍යයෙකු බවත්, “ඔහුගේ අවසන් වාර වාරය 2023 ශීත ඍතුවෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි වාර්තා වෙන්නේ.

ඔහු ඊයේ සවස් වරුවේ අධිකරණයට පෙනී සිටි අතර අසුන් ගැනීමට පෙර ඔහුගේ නම සහ උපන් දිනය සඳහන් කරමින් ද මඳ වශයෙන් කතාකළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.