Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැනඩා ඉතිහාසයම කම්පා කරමින් ලංකාවේ පවුලක 06 දෙනෙකු නැසූ අපරාධයේ සැකකාර ලාංකික සිසුවා අධිකරණයට කියූ දේ

3 years ago

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්යෙවන් ප්‍රදේශයේ හයදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් ආරක්ෂක අංශ මගින් අනාවරණ කරගනිමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළා.

19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙලෙස ඝාතනය කර තිබුණේ 35 හැවිරිදි මවක වන දර්ශනී ඒකනායක, වයස අවුරුදු හත, හතර, දෙක සහ මාස දෙකක් වයසැති ඇගේ දරුවන් හතරදෙනායි.

සිද්ධියෙන් පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් සමග අදාළ නිවසේ වාසය කළ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙකුද මෙහිදී ඝාතනයට ලක්ව තිබුණා.

මියගිය කාන්තාව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතන සිදුකර තිබූ අතර, අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු ෆෙබි‍්‍රයෝ ද සොයිසා ලෙස හඳුනාගෙන තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉතා අඩුවෙන් කථාකර ඇති අතර අධිකරණයේ නැවත වාඩි වීමට ප්‍රථම ඔහුගේ නම සහ උපන් ස්ථානය පමණක් සඳහන් කළ බවයි වාර්තා වෙන්නේ.

සැකකරු බන්ධනාගාරගත කර ඇති අතර නැවතත් ඔහුව ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනීමැරුම් හයක් සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවය.

කෙසේ වුව ද මෙම සැකකරු විසින් වික්‍රමසිංහ පවුල ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දුන් පිරිස මෑතකදී කැනඩාවේ පදිංචියට ගිය පිරිසක් වන අතර කැනඩාවේ උපත ලබා ඇත්තේ මාස දෙකක් වයසැති බාලම දියණිය පමණි.

මිලියනයක පමණ ජනගහනයක් වෙසෙන ඔටාවා නුවර මෙවැනි සමූහ ඝාතන විරළ සිදුවීමක් ලෙස සැලකෙයි.