අනුරාධපුරය, රඹෑව ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු මාරක රිය අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
අනුරාධපුර, රඹෑව මාර්ගයේ අද (09) අළුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසකුයි.
අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබුණා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති බවයි.

