වසර විස්සකට ඉහතදී ගැටමාන්න දකුණ කඳුගොඩ ප්රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි විසින් පසුගිය 7 වනදා මරණීය දණ්ඩනය නියම කළේය.
මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකුට සහ ගැටමාන්න, කඳුගොඩ, බෝගහවත්තේ පදිංචි 38 හැවිරිදි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකුටය.
2004 වසරේ ඔක්තෝම්බර් 31 වැනිදා බෙලිඅත්ත, ගැටමාන්න දකුණ, කඳුගොඩ ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර ප්රධාන සැකකරු ලෙස වැඩිමහල් සොහොයුරා බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා රෝහලට රැගෙන යාමට ඉඩ නොදී වැළැක්වීමේ චෝදනා මත බාල සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට ලක්වූ පුද්ගලයා වැඩිමහල් සහෝරයාගේ බිරියගේ සොහොයුරෙකු වේ.
බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබිණි. එම නඩුව පසුගිය 7 වැනිදා කැඳවූ අවස්ථාවේ නඩු තීන්දුව ප්රකාශයට පත්කරමින් වරදකරුවන් වූ දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කෙරිණි.
