Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කළුතර වෙරළ තීරයෙන් අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙයි

3 years ago

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කළුතර වෙරළ තීරයේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඊයේ (09) රාත්‍රියේ කළුතර දකුණ පොලීසියට ලද තොරතුකට අනුව එම මළ සිරුර සොයාගෙන ඇත්තේ, කළුගඟ මෝය ආසන්නයේ වෙරළ තීරයේ තිබියදීය. 

මරණකාරිය 35 හැවිරිදි කාන්තාවක් වන අතර මළ සිරුර දින දෙකක් පමණ ජලයේ තිබෙන්නට ඇති බවට දකුණු කළුතර පොලීසිය සැකපළකරයි

මළ සිරුර මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර දකුණු කළුතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.