අලගල්ල කන්දෙන් පහළට ඇදවැටුණු විශ්වවිද්‍යාල සිසුවෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි කල්මුනේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි වියේ පසුවන සරසවි සිසුවෙකි.
අද උදෑසන එම සිසුවා තවත් සිසුන් කණ්ඩායමක් සමග අලගල්ල කන්ද තරණය කිරීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති අතර පහළට ඇදවැටුණු තරුණයා මුදාගැනීම සඳහා බෙරගල හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
තුවාළ ලැබූ සරසවි සිසුවාගේ තත්ත්වය බරපතළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

