Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදුල්ල රෝහලේදී විශ්මිත සැත්කමක්

3 years ago

කොඳු ඇට පෙළේ වේදනාවක් හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳි කාන්තාවකට සිදුකළ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් පිළිබඳව බදුල්ල ශික්ෂණ රෝහලෙන් අද (11) වාර්තා වුණා.

අම්පාර ප්‍රදේශයේ වයස අවුරුදු 72ක් වන මුතුමැණිකේ නම් කාන්තාවකට මෙම සැත්කම සිදු කර තිබෙනවා.

මෙම කාන්තාවගේ කොඳුඇට පෙළේ අවුරුදු තුනක පමණ සිට වේදනාවක් තිබී ඇති අතර කොතෙක් ප්‍රතිකාර ලබාගත්ත ද ඇයගේ රෝගය සුව වී නෑ.

මෙම කාන්තාවගේ රෝගී තත්ත්වය නිෂ්චිතව හඳුනාගත් බදුල්ල ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ඇයට සැත්කමක් සිදුකළයුතු බවට නිර්දේශකර තිබුණා.

එම සැත්කම මීට පෙර මෙරට තුළ සිදුකර නොතිබූ ඉතා දුර්ලභ ගණයේ සැත්කමක් වීමත් විශේෂත්වයක්.

එන්ඩොස්කොපි ක්‍රමය යටතේ සුශුම්නාව තුළ සිදුකළ මෙම සැත්කම සුවිශේෂී වන්නේ රෝගියා ශෛල්‍යකර්මයකට භාජනයකළ හැකි වයසක පසු නොවීම සහ සැත්කම සම්පූර්ණයෙන්ම රෝගියා නිර්වින්දනය කිරීමකින් තොරව සිදු කිරීම නිසා.

ශෛල්‍යකර්මයෙන් පසු රෝගියා මේ වනවිට පූර්ණ සුවය ලබමින් සිටින බව වාර්තා වනවා.