Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක් හදිසියේම ජීවිතක්ෂයට පත්වෙයි

3 years ago

ශ්‍රී පාද වන්දනාවේ ගිය 80 හැවිරිදි කාන්තාවක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල ප්‍රදේශයේ සිට සිය පවුලේ පිරිස් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවකුයි.

ඊයේ (10) රාත්‍රියේ සිරිපා කරුණාවේ ගොස් ආපසු එමින් සිටියදී සීත ගඟුල ආසන්නයේදී ඇය හදිසියේම අසනීප වී ඇති අතර අනතුරුව කඩිනමින් මස්කෙළිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ එහිදී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි.

මෘත ශරීරය මස්කෙළිය දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.