Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විහාරස්ථානයක විහාරාධිපති හිමිගේ කාමරයට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

3 years ago

මහියංගණ, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට අද (11) වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි.

එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවෙකුට හානි සිදුව නොමැත.

වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සැතපී සිටි කාමරයට වන අතර ඉන් කාමරයේ ජනේලයට හානි සිදු වී ඇත.

විහාරාධිපති පොල්පැල කැටියේ පඤ්ඤාරතන හිමියන් සඳහන් කළේ තමා ගම්මානයේ සිදුවන ජාවාරම් සඳහා එරෙහි වන බැවින් ජාවාරම්කරුවන් පිරිසක් විසින් විහාරස්ථානයට වෙඩි තබන්නට ඇති බවට සැක කරන බවයි.

විහාරාධිපතිහිමිගේ පැමිණිල්ලෙන් පසු දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරික්ෂක නිළධාරින් එම ස්ථානයට ගොස් සිද්ධිය නිරික්ෂණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මහියංගණ පොලිසිය විසින් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.