Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ට සුබ ආරංචියක්

3 years ago

‍අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි ව තිබේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, ඔවුන් දෙපාර්තමේන්තු සේවකයින් බවට පත්කිරීමෙන් අනතුරුව ‍අලිවැට සංරක්ෂණය සඳහා කාර්‍යක්ෂම සේවාවක් ලබාගත හැකි බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළාය.
“හැබැයි එම පිරිස ලබාගන්නේ දැනටත් අලි වැටේ කටයුතු කරන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තමා යොදා ගන්නේ. අලුතින් සේවකයින් බඳවා ගැනීමක් සිදුවන්නේ නෑ. බහුකාර්ය දෙපාර්තමේන්තු සේවකයින් වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගැනීම සහ සම්පුර්ණ බඳවා ගැනීමක් සිදුකරනවා.”