පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මෙම පත්වීම 2024 පෙබරවාරි 29 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බවයි.

