මෙරට ළමා මන්දපෝෂණය සහ අඩුබර ගැහැණු දරුවන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් විශේෂ තොරතුරක් පළ කොට තිබෙනවා.
බ්‍රිතාන්‍ය ‘Lancet Medical Journal’ විසින් රටවල් 199ක් අතර සිදු කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කළේ මන්දපෝෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 -19 අතර පාසල් වයසේ ගැහැණු ළමයින් 410,000 ක් අඩු බරින් පසුවන බවයි. එය සමස්ත ගැහැණු දරුවන්ගෙන් 16.4% ක්.
දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද, 1990 සිට මේ තත්ත්වයේ වැඩි වෙනසක් සිදුව නැති බව සගරාව වාර්තා කර තිබෙනවා.
ද ලැන්සට් සඟරාව 1990 සිට 2022 වසර දක්වා ආවරණය වන පරිදි සොයා ගත් දත්ත අනුව, වයස අවුරුදු 5-19 අතර අඩුබර ගැහැණු දරුවන් වැඩියෙන්ම සිටින රටවල් අතර දෙවන ස්ථානයේ ලංකාව පසුවෙනවා. ගෝලීයව ගත් විට ලංකාව මෙහිදී දෙවැනි වී ඇත්තේ ඉන්දියාවට පමණි.
අදාල වාර්තාවේ ලංකාව සම්බන්ධයෙන් හෙළි කර තිබෙන කරුණු ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම අධ්‍යයනයෙන් වෙන් කර ඇති සොයාගැනීම් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වයට පටහැනි බැවින් ඒවා අනුමත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා කියා සිටියේ ලැන්සෙට් වාර්තාව සකස් කිරීමට යොදාගත් දත්ත පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි. (source – monara)

