Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ධාවන තරගයක් අතරතුර සිසුවෙක් මිය යයි! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්!

3 years ago

පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වු අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (11) දිනයේ තිරුක්කෝවිල් හී පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.

අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිෂ්චිතව අණාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයත් සමග එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් බලධාරීන් වෙත විශේෂ චක්‍රලේකයක් පසුගිය දා නිකුත් කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.

මේ අතර මැරතන් වැනි දිගු දුර තරග සඳහා සහභාගී වීමට පෙර සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ යුතු බව විශේෂ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේය.
“මේකට විවිධ හේතු තිබෙනවා. සමහරවිට අවාසනාවන්ත ලෙස මේ විජලනය තත්ත්වය නිසාත් මේ තත්ත්වය සිදුවිය හැකියි. අපිට වළක්වා ගන්න පුළුවන් දේවල් විශේෂයෙන්ම දිගු දුර තරගවලට සම්බන්ධ වෙන දරුවන්ට ඒ සම්බන්ධයෙන් නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔවුන්ගේ නිරෝගීකම තහවුරු කරලා, නිවාස්නතර ක්‍රීඩා තරගවලට යොමු කළ යුතුයි. පවුලේ කෙනෙකුට එවැනි තත්ත්වයක් පවතී නම් ඒ ගැන දෙමාපියන් සැලකිලිමත් වෙන්න. එවැනි තරගවලට සහභාගී වෙන දරුවන් ඔවුන්ගේ ශරීරයේ විජලනය වළක්වා ගැනීමට පෙර සුදානමක් අවශ්‍යයි.”