ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම කාර්යය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අළුතින් ගුරුවරුන් 2,500කගේ සේවය ලබා ගැනීමට ද මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද, ඒ අතරතුර විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර විද්‍යාපීඨයන්ගෙන් පුහුණුව ලබා පිටවීමට නියමිත ඉංග්‍රීසි මාධ්‍යය විද්‍යාපීඨ ගුරුවරුන් 400ක්ද මෙයට අන්තර්ගතවනවා.
මෙම තීරණ ගෙන තිබෙන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදියි.

