Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු විදුහල්පති උද්ඝෝෂණයක්

3 years ago

වැටුප් විෂමතාවය ඉවත් කර , දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවතා දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබා දී, ගුරු සේවයේ හා විදුහල්පති සේවාවල උසස් වීම් වහා ලබා දෙන ලෙසට රජයට බල කරමින්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අනුරාධපුර නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක අද (12) නිරත වූහ.

මේ වන විට රටේ ගුරු පුරප්පාඩු වැඩි වී ගොස් පාසල් වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පාලකයන් නිහඬ පිළි වෙතක් අනුගමනය කර මුනිවත රැකීම පිලිකුල් සහගතව හෙලා දකින බවද ඔවුහු පැවසූහ.