පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම දැනුම්දීම මගින් මින් පෙර දැනුම්දුන් නිර්දේශ පිළිබඳව යළි සිහිකැඳවීමක් කර තිබෙනවා.
එම ලිපියෙන් දන්වා තිබෙන්නේ අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවයි.


