රුපියල් කෝටි පහක ලෙස පැවති කතරගම දේවාලය ආදායම පසුගිය වසරේ දී රුපියල් කෝටි හතලිහක් දක්වා වැඩි කිරීමට හැකි වූ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර සඳහන් කරනවා.
තමන් බස්නායක නිලමේ තනතුරට පත්වන විට කතරගම දේවාලයේ වාර්ෂික ආදායම කෝටි පහක් වූ නමුත් පසුගිය වසරේ දී එම ආදායම රුපියල් කෝටි හතළිහ දක්වා ඉහළ නංවීමට තමන්ට හැකි වූ බවයි ඔහු පවසන්නේ.
දේවාලයට ලැබෙන ආදායම තමා කිසිඳු ලෙසකින් වංචා නොකළ බවත්, හොරකම් කරන සල්ලි වලින් තමන්ගේ දරුවන්ට කන්න බොන්න දීමට තමන් කැමති නැති බවයි හෙතෙම වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම දේවාලයට ලැබෙන සියලු මුදල් විගණනයට ලක් කරන බවත් නිලමේවරයා සඳහන් කරනවා.
කතරගම දේවාලයට ලැබුණු ආදායමෙන් මේ වන විට මහරගම පිළිකා රෝහලට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලබා දී ඇති බවත් එය තව සති කිහිපයකින් විවෘත කරන බව ඔහු තවදුරටත් කියා සිටියා.

