හාලි ඇළ – මැදගම ග්‍රාමසේවා වසමේ පිහිටි නිවෙසක වහලයක් මතට ඊයේ පස්වරුවේ කිලෝ 50ක පමණ බරකින් යුත් විශාල විශාල අයිස් කුට්ටියක් වැටී ඇති බව වාර්තා වනවා
මෙම අයිස් කුට්ටිය නිවසේ වහලයට වැටෙන අවස්ථාවේ එහි කිසිවෙකුත් සිට නොමැති බවයි වාර්තා වන්නේ.
ටකරන් වලින් ආවරණය කර ඇති එම නිවසේ වහලය මතට විශාල ශබ්දයක් නගමින් එකවරම මෙම අයිස් කුට්ටිය වැටී ඇති බවයි අසල නිවැසියන් සඳහන් කරන්නේ.
මෙම නිවසේ මවක සහ පුතෙකු ජීවත් වන අතර පුතු උදෑසන රැකියාව සඳහා ගොස් ඇති අතර මව අසල පිහිටි නිවසකයි සිට ඇත්තේ.

