Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යළි සිහිකැඳවීමක්

3 years ago

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත පෙරේදා (12) විශේෂ දැනුම්දීමක් සිදුකර තිබුණා

කෙසේවෙතත්, පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මෙසේ දැනුම්දී තිබියදී ඊයේ දිනයේත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණා.

මෙම හේතුවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යළිත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන් අවධාරණය කර ඇත්තේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බවයි.